මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටි සියලුම සිසුන් පාසලට කැඳවා ඔවුන්ගේ උසස් පෙළ විභාග විෂය ධාරාවන් තෝරා ගත යුතු ආකාරය පිළිබඳ විශේෂ දැනුවත්
කිරීමේ වැඩසටහනක් 11 ශ්‍රේණිය ගුරු භවතුන්ගේ සංවිධානය මත ගරු විදුහල්පතිතුමන්ගේ මූලිකත්වයෙන් අද දින පැවැත්වුණා. එසේම ඒ සඳහා හිටපු නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයෙකු වන රත්නපුර කලාපයේ නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඩී.එම් මද්දුම බණ්ඩාර මැතිතුමන් ද සම්බන්ධ වූ අතර සමස්ත වැඩසටහන තුළ විද්‍යා , කලා, වාණිජ, තාක්ෂණවේදය යන විෂය ධාරාවන් සඳහා,
🟩 හැදෑරිය යුතු විෂයන් හඳුන්වා දීම.
🟩 ඇතුළත් විය හැකි විශ්ව විද්‍යාල හදුන්වා දීම.
🟩 හැදැරීමට අවකාශය ඇති උපාධි පාඨමාලා හදුන්වා දීම.
🟩 උසස් පෙළ කඩඉම ඉහළින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය තීරණ ගැනීම්.
🟩 වෘත්තීය මාර්ගෝපදේශකත්වය
වැනි කාරණා රැසක් පිළිබඳ සිසුන්
දැනුවත් කිරීම සිදුවුණා.