125 වන සංවත්සරය අභිමානවත්සව සමරණ දම්ලෝ මෑණියන්ගේ ගමන් මග ගැන පුංචි විස්තරයක්.....
සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නවදුම් කෝරළයේ උඩපත්තුවේ පැල්මඩුල්ල පුරවරයේ ප්‍රතිස්ථාපිත සකල ජනාදරයට පාත්‍ර වූ ර/ධර්මාලෝක සැබැවින්ම නිරන්තරයෙන් ශ්‍රී පාදාස්ථානයේ උතුම් වූ ශ්‍රේෂ්ඨ මකරන්දේ පහස ලබන අතර දිගු ඉතිහාසයකට උරුමකම් කියන මේ දම්ලෝ විදු පියස,
• බැප්ටිස්ට් මිෂන් ස්කූල් (Baptist Missionary School) ලෙසද
• බී. එම්. එස් (BMS) ලෙසද
• බාලිකා විදුහලක් ලෙසද
පියවරෙන් පියවර ඉදිරියට විත් 1976 දී ධර්මාලෝක නවෝද්‍යා විද්‍යාලය බවට පත්විය.
මේ උත්තරීතර වූ දම්ලෝ විදු පියසට පැල්මඩුල්ල රජමහා විහාරයේ මූලික්වයෙන් භූමි භාගය ලැබාදුන් අතර පැරණි ගොඩනැගිලි මෙන්ම රජයෙන් ලැබී ඇති ගොඩනැගිලි හා ආදි සිසුන්ගෙන් දෙමාපිය අනුග්‍රහයෙන් ලත් ගොඩනැගිලිවල ඒකතුවක් ලෙස දම්ලෝ විදු පියසේ වර්තමානය ගොඩ නැගී තිබේ.
රජමහා විහාරය ආශ්‍රිතව ආගමික හැඟීම මෙන්ම ආගමික භක්තිය වැඩිවන පරිදි අප පාසල ධර්මයට ආලෝකය යන අර්ථයකින් ධර්මාලෝක යන නාමය යෝජනා වී තිබේ. නැණ පහන් දැල්වීම යන අරුත රැගත් ආලෝකෝ උදපාදී යන පාඨය උදෘතයක් මකරගනිමින් ධර්මාලෝක සිසු පරපුර ඒදා සිට අද දක්වාම ප්‍රදේශයටත් පළාතටත් සමස්ථ ලංකාවටත් තම දක්ෂතා හැකියා උපරිම අයුරින් පෙන්වනු ලබයි.
වර්තමානයේ ගුරු මැණිවරුන් ගුරු පියවරුන් සියයකට අදික පිරිසකගෙන් 3500කට අධික ශිෂ්‍ය ශිෂ්‍යවාන් පරිසක් දම්ලෝ මෑණියගේ තුරුලේ අකුරු කරන අතර දම්ලෝ විදු පියසෙන්අද දකවාම වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන් ආදී සමාජයට වටිනා වූ පුද්ගලයින් රැසක් සමාජ ගත කිරීමට සමත් වී තිබේ.
• ඩබ්. ඒ් පියදාස
• ඒ් ඒ් ජයතිලක
• සෝමතිලක
• කේ ඒ් ඒල් ජයතිලක
• ජී ඒම් පියදාස
• ඩබ් ඒ් නන්දසාර
• කුලරත්න
යන විදහල්පතිවරුන් ආරම්භයේ සිට 1992 දක්වා අප පාසල පාලනය කලේය.
1997 සිට එම්. කේ. විජේපාල ගුරු පියණන් විදුහලේ මුලසුනේ හිඳගත් අතර එතැන් පටන් ධර්මාලෝකයේ ස්වර්ණමය යුගය ආරම්භ විය. හදිසියේ ඇති වූ අසනීප තත්වයක් නිසා එතුමා පාසලේ රාජකාරියෙන් නිකුමුනු අතර පාසල එතැන් පටන් ගරු රත්නසිරි පෙරේරා මැතිඳුගේ දෝතට පත්විය. ධර්මාලෝකයේ ස්වර්ණමය යුගය තව තවත් වර්ධනය කිරීමට එතුමා සමත් වූ අතර වසර ගණනාවක් එතුමන් පාසල කරගෙන ගිය අතර එතුමාගෙන් පසුව මලවිආරච්චි ගුරුපියතුමා ධම්ලෝ විද්‍යාලයේ විදුහල්පති භුමිකාවට පත්වූ අතර එතුමාකෙටි කලකින් ඉවත්ම යාමට සිදුවු නිසා මේ වනවිට ශාමිලිකා කවිශිගමුව ගුරු මෑනියන් විසින් පාසල වඩ වඩාත් දියුණු කරමින් පාසලේ අභිවෘද්ධිය උදෙසා මහඟු සේවයක ඉටු කරයි.
පාසල ගැන මතක් කරන සෑමවිටකම සිහියට නැගෙන චරිත අතරින් ගාමිණි මුහන්දිරම් ගුරුපියාණන් ප්‍රමුකස්ථානයක් ගන්නා අතර එතුමාගේ ගුරුහරුකම් මැද බොහෝ සිසු පිරිසක් ජාත්‍යන්තර ජයග්‍රහණ ලබන අතර නොකඩවා සමස්ථ ලංකා පාසල් චිත්‍ර තරඟයේ ප්‍රථමස්ථායත් පාසලට අත් කර ගැනීමට සමත් වී තිබේ.
දිනෙන් දින පාසලේ සිසු දරුවන්ගේ දක්ෂතා ලෝකය හමුවේ තැබීමට හැකියාව ලැබේවා....!
දම්ලෝ මාතාව සදාකල් දිනේවා.....!
© 2023 Dharmaloka Maha vidyalaya
